Pages

Featured Posts

Sunday, March 27, 2016

Payza Sinhala 2016 | සිංහලෙන් ගිණුමක් විවෘත කිරීම හා Verify කිරිම හා Payza ගැන හැමදෙයක්ම…



Payza Sinhala 2016 | සිංහලෙන් Payza ගැන හැමදෙයක්ම…

 

 

Payza කියන්නේ Neteller, Paypal වගේ ජාත්‍යන්තරව පිළිගන්නා Online Payment Processor කෙනෙක්. Paypal වගේ නැතුව ලංකාවේ අපිට එදිනෙදා සිදුකරන්නට ඕනේ ගනුදෙනු වලට 100% ක්ම සහය දක්වන නිසා අන්තර්ජාල ව්‍යවසායකයන්ට නැතිවම බැරි Payment Processor කෙනෙක් කිව්වොත් නිවැරදියි.

 

 

 

මේ ලිපිය ලියන්නේ සිංහලෙන් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලින් ජයග්‍රහණය කරන අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනුයි.
ඇත්තම කිව්වොත් වැල්ලවායේ චමින්ද අයියා තමයි මේ ලිපියේ වැදගත්කම මටත් පෙන්වලා දුන්නේ. චමින්ද අයියේ, ඔයා Forex වලින්, Binary Options වලින් ගියාටත් වඩා සුපිරිම දුරක් RevShare වලිනුත් යන්නට හැකි වේවා කියලා අවංකවම සුබ පතනවා. හදවතින් ම…

                 අලුත් Payza ගිණුමක් සඳහා ලියාපදිංචි වීම.

   

                              මෙතනින්

                  
https://secure.payza.com/?yhBtZNvF47mL4JZ27UHefxs5GV2o5bDlCtyRLcv6JiA%3d
     


 

 

 

 

දැන් sign-up වෙත යන්න.
මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.


 

 දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.

 

 

 නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න

 

 

 ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.

 

 

 

 දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.

 

 

 ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි

 

 

 දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි

 

 

එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. ඕක ඉතින් මොකක් දැම්මත් කමක් නැහැ. ඇවිත් බලන්න යැ.
ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.


 ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.

දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.
දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.
දැන් මුලික කටයුතු ඉවරයි
                                         





 Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.




මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic :) )
මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.

මතක තියාගන්න හෝ ලියාගන්න  Transaction Pin එක






                ඔබේ Payza ගිණුම Verify කර ගැනීම.


 මුලින්ම ඔය පහළට තියෙන පොඩි ඊතලය click කළාම මතු වෙන drop down menu එකෙන් Verification තෝරන්න.




 ඒකෙන් ගියාම ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.


මේ කියන්නේ Payza එක Verify කරන්න නම් මුලින්ම මේ හතරෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.
  • ඔබ Payza වලට Credit/Debit Card එකක් සම්බන්ධ කිරීමෙන්.
  • ඔබේ Payza ගිණුමට මුදල් යෙදවීමෙන්.
  • යම් අයෙකුට මුදල් යැවීමෙන්.
  • යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.
අළුත් කෙනෙකුට කරන්න පුලුවන් පහසුම දේ තමයි,
මෙතැන දෙවෙනියට තියෙන Add Funds ගිහින් ඔබේ Credit/Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එක. 
මොන ක්‍රමයෙන් හරි මේක කර ගත්තට පස්සේ තියෙන්නේ මේ Verification කියන තැනට ඇවිත්,
  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ Scanned Copy එකක් සහ
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සඳහා මාස තුනක් ඇතුලත ඔබට ලැබුණු විදුලි බිලක්, ජල බිලක්, දුරකථන බිලක් හෝ බැංකු / Credit Card Statement එකක් මේ හරහා Upload කිරීමයි.
Upload කරලා දින 4-5ක් ඇතුළත කොහොමත් Verify  වෙනවා.

Payza වලට ඔබේ Credit/Debit Card එක සම්බන්ධ කිරීම.

Payza Home එකේ වම් පස Wallet > Credit Card වෙත යන්න. එවිට මෙවන් තිරයක් මතු වේවි.



එහි ඔබේ නම, Visa Card අංකය, Card පත Expire වන මාසය සහ වර්ෂය, Card පත සඳහා අදාළ මුදල් ඒකකය (USD) යොදන්න.   ඉන්පසුව ඉදිරියට ගිහින් Confirm කරලා වැඩේ ඉවර කරන්න.
වැදගත්:
  • Payza වලට MasterCard සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා Neteller Net+ Card එක මේ වැඩේට පාවිච්චි කරන්න බැහැ.
  • සාමාන්‍යයෙන් Verified ගිනුමකදී නම් Card එකෙන් මාසෙකට Payza වලට යොදවන්න පුළුවන් මුදල $1000 යි. මෙන්න මේ limit එක වැඩි කරගන්නට ඕනේ නම් Card එක Validate කරන්න ඕනේ. ඒකට Card Statement එකයි, Card එකේ ඉදිරිපස හා පසුපස scanned copies දෙකකුයි ඕනේ වෙනවා.
  • Payza වලට කෙලින්ම Credit/Debit Card වලින් මුදල් යොදන එක වියදම් අධික වැඩක්. ඒ නිසා පුළුවන් හැම විටම exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒකට මම පාවිච්චි කරන සේවාව ගැන මේ ලිපියේ අන්තිමට ඇති.


Payza වලින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබේ බැංකු ගිණුම හා සම්බන්ධ කිරීම.


මුලින්ම Wallet > Bank Accounts වෙත යන්න.

 Add Bank Account තිරය මේ විදිහට විවෘත වේවි. එහි මේ තොරතුරු ඇතුළත් කරන්න.

 ගිණුම් අංකය, SWIFT අංකය නිවැරදිව ලබා දෙන්න. මෙච්චර කරලා වෙන කාගේහරි එකක් දෙන්න එපා ඉතින්.
      දැන් හරි.

 තවමත් REGISTER වෙලා නැත්තම් පහලින් REGISTER වෙන්න


https://secure.payza.com/?yhBtZNvF47mL4JZ27UHefxs5GV2o5bDlCtyRLcv6JiA%3d


Payza ගැන තව දැනගන්න ඕනේ දෙයක්, මට වැරදුනු හෝ මඟ හැරුණු තැනක් තියෙනවා නම් කියන්න. අනිවා මේ ලිපියට එකතු කරන්නම්.
ජයවේවා!